Windows Update 1 (Windows හී මීලග මෙහෙයුම් පද්ධතිය )



මීලගට එන වින්ඩොව්ස්  මෙහෙයුම් පද්ධතිය  ස්වභාවය ගැන දැන් ආරංචි පැතිර යමින් ඇත අලුත්ම ආරංචිය නම් එහි කෙත නාමය (Threshold) බවයි.  වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතිය 2012 ඔක්තොබර් මාසයේ ආවට පසුව එහි තිබු නොයෙක් අංග වෙනස් කරමින් 2013 ඔක්තොබර් මාසයේ වින්ඩොස් 8.1 සංස්කරනය ආවේය . විදියටම 2014 අවුරුද්දේ ඔක්තොබර් වෙන විට තවත් සංස්කරනයක් එළි දක්වන බව ප්රසිද්ධ කොට ඇත .එය වින්ඩොස්  8.2 නොව Update 1  ලෙස හදුන්වා  ඇත . මෙය හුදෙක් වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතියේ ස්වරුපයට වඩා වින්ඩොස් 9මෙහෙයුම් පද්දතියේ ස්වරුපයට කිට්ටු එකකි ඉන් අවුරුද්දකට පසුව ,2015 ඔක්තොබර් වෙන විට වින්ඩොස් වින්ඩොස් 9 මෙහෙයුම් පද්ධතිය  ඉදිරිපත් කරනු ඇත ,  එක් මෙහෙයුම් පද්ධතියක්   ඉදිරිපත් කොට තවත් මෙහෙයුම් පද්දතිය ඉදිරිපත් කිරිමේ සම්ප්රදාය අනුවය
වින්ඩොස් 8 මෙහෙයුම් පද්ධතිය  කුමන වර්ගයේ පරිගනක වලටත් ගැළපෙන්නට තැනුවකි ,Laptop Desktop Tablet යන සියලු පරිගනක වල භාවිතා කල හැකි සේ මෙහි Tile Interface එක සකසා ඇති බව අපි දනිමු එත් එය වඩා උචිත වන්නේ Touch Screen සදහාය . නිසා Windows 7 Use කරන අය එය ඉවත් කිරිමට පෙළබුනේ නැත අලුත් පරිගනක සමග වින්ඩොස්  8 බලේන් දුන්නත් එය අත් හැර වින්ඩොස්  7 දාමා ගැනිමට වැඩි වැඩි පෙළබිය . නිසා වින්ඩොස් 9 වෙළදපොලට එන්නේ තනි සංස්කරනයක් ලෙස නොවේ Laptop ,Desktop, Tablet Pc වශයෙන් වෙන් වෙන් වු සංස්කරන ලෙසය .
වින්ඩොස් 8 මෙහෙයුම්  පද්දතිය යනු වින්ඩොස් මෙහෙයුම් පද්දතියට අවේනික ලක්ශන අත්හැර දැමු එකකි Start menu ඇති  start button එක එවැන්නකි එයට පුරුදු වු අයට Tile Interface එක අමුතු එකක් විය . නිසාම වින්ඩොස් 8.1 නැවතත් Start Button එක එක් කිරිමට පෙළබිය නිසාම වින්ඩොස් 9 තුල අනිවර්යෙන්ම  Start Button ඇත මේ තත්වය නිසා බොහොදෙනා අපේක්ෂා කරන්නේ වින්ඩොස් 9 Tile Interface එකක් නැති  Desktop සංස්කරනයක්ය .තවද වින්ඩොස් 8 තුල ඇති Apps Tile Interface ගැලපෙන අකාරයෙන් තනා ඇත.නමුත් මීලග සංස්කරනයේ මෙය  Desktop  පරිගනක වලටත් ගැලපෙන ලෙස සකසනු ඇත .මෙසේ සලකන විට වින්ඩොස් 9 තුල එතරම් වෙනසක් අපේක්ෂා කිරිමට නොහැක .විද්වතුන් පවසන්නේ එය වින්ඩොස් 7 පරිගන්කයේ පරිනමයක් ලෙසය .එසේම Vista මෙහෙයුම් පද්ධතිය  මෙන් වින්ඩොස් 8 අභාවයට පත්වන බව ඔවුන් සදහන් කරයි .

  





( සරාංශ ගත කිරිම විජය පරිගනක සඟරාව අසුරේනි.)