New DDR4 Ram Cards (නවතම DDR4 රැම් කාඩ් පැමිණේ)

 

 

sddr4-1 copy

 

කලින් තිබුනාට වඩා වේගවත් සහ විදුලිය අඩුවෙන් බාවිතා කරන රැම් කාඩ් වර්ගයක් කොරීයාවෙන් නිපදවා ඇත .මේය DDR4 මාදිලියේ රැම් කාඩ් ය. දැන් වැඩිපුර භාවිත කරන DDR3 වර්ගයේ රැම් කාඩ් වෙනුවට මෙම අලුත් රැම් කාඩ් යෙදු විට ලැප්ටොප් පරිගනක සහ වෙනත් මොබයිල් උපාංග ක්‍රි‍රියාත්මක වන වේගය 100%  පමන වැඩිවනවා පමනක් නොව එවායේ බටරි ආයු කාලයද දැන් තිබෙනවාට වඩා තුනෙන් එකකින් (35%කින් )පමණවැඩිවෙයි.

පරිගණකයකක් ක්‍රියත්මක වන්නට එහි ප්‍රොසෙසරයට අවශ්‍ය කෙරෙන දත්ත සහ උපදෙස් තවකාලිකව රදවා ගන්නා උපාංගය,රැම් කාඩ් එකයි මෙහෙයුම් පද්ධතිය ඇතුලු අනෙක් සියලු වැඩසටහන් ක්‍රියත්මක වෙන විට ඊට අදාළ දත්ත   හාඩ් ඩිස්කයෙන් කියවාගෙන  රැම් මතකයේ රදවාගනි ..වැඩ කරන විට මුදාහරින්නේ මේසේ රැම් මතකයේ රදවා ඇති තොරතුරුය .මේ නිසා රැම් කඩ් යනු පරිගනකයකට අත්‍යවශ්‍ය කොටසක් වගේම පරිගණකයක වැඩ කිරිමේ පහසුව අපිට රැම් මතකය මත සදහන් කල හැක.

නවත්ම හදුන්වාදුන්  DDR4 සදහා මෙතෙක් ඊට ගැලපේන,ප්‍රොසෙසර් සහ මදර්බොඩ් නිර්මානය කර නැත .එ වගකිම lenova සමාගම මගින් බාරගෙන ඇත .ඔවුන් සදහන් කරන ආකාරයට මෙ අවුරුද්ද තුල DDR4 ට ගැලපෙන පරිගනක නිර්මාණය කරන බවයි.තවද ග්‍රැෆික් නිර්මාන සඳහාම ඇති Nvidia සමාගම කියා ඇත්තේ මේ  DDR4 රැම් යොදාගෙන ඔවුන් නවතම Volta නමින් ග්‍රැෆික් chips  නිර්මාණය කරන බවයි 

 

 

 

(විජය පරිගනක සගරාව ඇසුරෙන් සරාංශ කරන ලදී )